ලදලිපි යනු ඔබට ලැබෙන සියළු ලිපි ලබාගන්නා ස්ථානයයි (මේ සඳහා වෙනස් ස්ථානයක් සඳහන් කර තැබීමටද පුළුවන - ලිපි හැරවීම පිළිබඳව ඉගෙනීමට
පෙරණයක් සකස් කිරීම
බලන්න). යම් අයෙක් ඔබට ලිපියක් එවූ විට එය ලැයිස්තුගත ආකාරයෙන් දැක්වේ:

පළමු තීරයෙන් ලිපියේ තත්ත්වය (status) දක්වයි. වැසුනු, රන් පැහැති ලිපි කවරය ලිපිය කියවා නොමැති බව දක්වයි. එම පේළියේ සියළු අකුරු තද පැහැයක් ගන්නා බව ඔබට නිරීක්ෂණය කළ හැකි වනු ඇත. දෙවන පේළයේ ඇති ලියුම් කවරය සුදු පැහැ වන අතර විවෘතව පවතී. ඔබ එම ලිපිය කියවා ඇති බව ඉන් අදහස් වේ. දෙවන ලිපියට අදාළ එම පේළියේ අකුරු තදපැහැ නොවූ සාමාන්‍ය අකුරු බව ඔබට නිරීක්ෂණය වනු ඇත. ඔබට මෙම ලිපියේ තත්ත්වය (status) වෙනස් කළ හැකිය. ඒ සඳහා කළ යුත්තේ අසල ඇති ලිපි කවරය ක්ලික් කිරීමයි. එවිට තත්ත්වය කියවූ ලෙස ඇතිනම් නොකියවූ ලෙසද නොකියවූ ලෙස ඇතිනම් කියවූ ලෙසද වෙනස් වනු ඇත.
දෙවන තීරය ඔබට ලිපිය ලැබුණු දිනය (Date) දක්වයි. දිනය දක්වන ආකාරය, මෙහිදී, මාසය/දිනය/වර්ෂය (MM/DD/YY) ආකාරයෙන් වේ (දිනය දක්වන ආකාරය වෙනස් කරන අයුරු ඉගෙනීමට
Configuring Display Settings
බලන්න). එලෙසම එය ඔබට ලිපිය ලැබුණ වේලාව පෙන්වයි. මෙහිදී එය පැය 24 ආකාරයෙන් දක්වයි. මෙය වෙනස් කරගැනීම සඳහා
Display Settings Configuration
.බලන්න
ඔබට ලිපිය එවූ තැනැත්තා (Sender) ඊළඟ තීරයේ දැක්වේ. ඔබට මෙම නම ක්ලික් කිරීමෙන් ඔහු/ඇය ට යැවීම සඳහා ලිපියක් ලිවිය හැකිය. (
ලිපි ලිවීම -Message Composition
)බලන්න.
ලිපි ශීර්ෂය (Subject) යනු ලිපිය එවන්නා විසින් ලිපියේ මාතෘකාව ලෙස සදහන් කළ දෙයයි. මෙය ඔබට ලිපිය පිළිබඳ සංක්ෂිප්ත දළ අදහසක් දෙනු ඇත. මෙම මාතෘකාව මත ක්ලික් කිරීමෙන් ඔබට සම්පූර්ණ ලිපිය කියවීම සඳහා ඒ වෙත යොමුවීමට හැකිවනු ඇත.
විශාලත්වය (Size), ලිපිය විසින් සේවාදායකයෙන් ලබාගෙන ඇති ඉඩ ප්‍රමාණය පෙන්වයි. මෙය
Bytes
වලින් දක්වයි.
කෙළවරේ ඇති සළකුණු කොටුව (Checkbox) ලිපිය තේරීම සඳහායි. ඒ මත ක්ලික් කිරීමෙන් කුඩා කතිර ලකුණක් එතුළ දිස්වන අතර නැවත ක්ලික් කිරීමෙන් එය ඉවත් වේ. ඉහළින්ම ඇති කොටුව ක්ලික් කිරීමෙන් ඊට පහල ඇති සියළුම කොටු එකවර සලකුණු කළ/හළ හැකිය. මෙය තේරූ ලිපි මත විධානයන් ක්‍රියාත්මක කරනු සඳහායි.මේ පිළිබඳව මෙවලම් තීරු (Toolbars) භාවිතය යටතේ විස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත . |