OpenWebMail පාඩම් මාලාව (tutorials) >> ලිපි ලිවීම - Composing Messages

ඔබ ලිපියක් ලියන විටදී, ලිපිය යවන්නේ කා හටද, ලිපි ශීර්ෂය කුමක්ද සහ විශේෂයෙන්ම ලිපියේ ලියන්නේ කවරක්ද යන්න දැන සිටිය යුතුය.

ලිපිය ලිවීම ආරම්භ කිරීම සඳහා, මෙවලම් තීරුවේ "නව ලිපියක්" අයිකනය මත ක්ලික් කරන්න. (මෙවලම් තීරු (Toolbars) භාවිතය බලන්න). එවිට ඔබව මෙහි දැක්වෙන ආකාරයේ කවුළුවක් වෙතට යොමු වනු ඇත:

Composing a Message. Click to Enlarge ඔබ ලිපියක් ලියන විටදී දකින්නේ මෙම තිරයයි. මෙය සවිස්තරාත්මකව බැලීම සඳහා එ් මත ක්ලික් කරන්න.

ඔබ මෙහිදී සැලකීමට ලක් කරන්නේ වරණයන් කිහිපයක් වීමට පුළුවන. ඔබ "Backup Sent Message"සළකුණු කළේනම්, ඔබ යවන ලිපිවල පිටපතක් යැවූලිපි (Sent) ෆෝල්ඩරයේ තබනු ඇත. මෙමගින්, ඔබ යැවූ ලිපි පිළිබඳ වාර්තාවක් තබා ගත හැකි වනු ඇත. එසේම, "ලිපි කියවීම තහවුරු කරවාගැනීම (Confirm Reading) ", සළකුණු කිරීමෙන්, ලිපියට ලදුපතක් ලැබෙනු ඇත.

 

 
<< ලිපි ගෙනයාම සහ කොපි කිරීම - Moving & Copying Messages ඇමිණුම් එක් කිරීම - Adding Attachments >>
 
About OpenWebMail Help