OpenWebMail පාඩම් මාලාව (tutorials) >> පෙරණයක් සකස් කිරීම - Setting up a Filter

‍පෙරණයක් යනු, තෝරාගත් ශීර්ෂ තොරතුරු නිර්ණායකයක්(information criteria) අනුව අනවශ්‍ය ලිපි අවහිර කිරීම සදහා සකස් කිරීමකි. පෙරණය සෑදීම සදහා ලිපියෙන් අනෙක් ලිපි වලට අසමාන වූ විශේෂ කොටසක් නිර්ණායකය ලෙස තෝරාගත යුතුය. ඉන්පසු එම ලිපි සදහා කළ යුත්තේ කුමක්දැයි සදහන් කළ යුතුය.

පෙරණයක් සකස් කිරීම සදහා පළමුව "පෙරණයක් සකස් කිරීම" ‍ෙබාත්තම ( ) ක්ලික් කරන්න. එවිට ඔබව පෙරණයක් සකස් කිරීම සදහා වූ පිටුව වෙත රැගෙන යයි. මෙහිදී ඔබට මෙ වන විටත් සාදා අැති පෙරණ කිහිපයක් දැකගත හැක. මෙවා වෙනස් කිරීමට ඔබට හැකි නමුත් ඉවත් කිරීමට නොහැක. කෙසේ නමුදු මේවා ඔබට අවශ්‍ය පෙරණ වර්ග විය හැක.

කෙසේ වුවද, ඔබට වඩාත් විශෙෂිත වූ ආකාර වලට පෙරණ සාදා ගත යුතු විය හැක. "පෙරණයක් සකස් කිරීම" තුලට ගොස් (ඉහත ඡේදය බලන්න) ඔබට පෙරණ සැකසීම, නව පෙරණයක් සෑදීම හෝ මැකීම සිදුකල හැක.

මෙහි පෙරණ සැකසුම් කිහිපයක් ඔබට දක්නට අැති නමුත් ඒවා අපැහැදිලිය. උදාහරණයක් ලෙස, \s{40,}\[[a-z0-9]{5}\]$ අවහිර කිරීම සදහා මෙහි පෙරණයක් දක්නට අැත. මෙය එක් නිර්ණායකයක ඇති විවිධ (අනුළකුණූ)strings වර්ග අවහිර කිරීම සදහා විශේෂයෙන් සෑදූ පෙරණයකි. මෙහිදී  කුඩකුරු(lowercase) අකුරු 40 හෝ ඊට අඩු හා  alphanumeric අකුරු 5 හෝ ඊට අඩු ඔනෑම අනුලකුණු වැලක් මෙම පෙරණය විසින් අවහිර කරයි. කෙසේ වුවද මෙම පාඩමෙන් සාකච්ඡා කරනු ලබන්නේ පෙරණයක් සාදාගැනීම පිළිබද මූලික කරුණුය.

පෙරණ සෑදීමෙදී මෙම වගුව අශ්‍රේය සටහනක් ලෙස භාවිතා කරන්න:

Term Action or Meaning
නීති(Rules)අවහිර කිරීම සදහා ශීර්ෂ නිර්ණායකයක් තෝරන්න
Inc/Excstring අඩංගු හෝ බැහැර කරනවාද යන වග (ඊළග පේලිය බලන්න)
අනුළකුණු වැල(String)අවහිර කරන හෝ ලබා ගන්නා පාඨ
action(ක්‍රියාව)මෙම ලිපිය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන වග
Destinationමෙම ලිපිය දැමිය යුතු ස්ථානය
සක්‍රිය කරන්න(Enable) තෝරාගත් පෙරණය සක්‍රිය කිරීම සදහා පරීක්ෂා කරන්න
ක්‍රියාව[2]පෙරණය සැකසීම අවසන් කිරීම (පෙරණ ලැයිස්තුවට එක් කරන්න)
 

පෙරණයක් සැකසීමට උදාහරණයක්:

නීති Inc/Exc අනුළකුණු වැල ක්‍රියාව Destination සක්‍රිය කරන්න
විසින්අඩංගුbad-website.com ගෙන යන්නඉවත ලූ ලිපිසක්‍රිය කරන්න

මෙම උදාහරණය සරල  සිංහලට පරිවර්තනය කල විට:
bad-website.com හි සිටින ඕනෑම අයෙකු විසින් එවන ලද සියලුම ලිපි ඉවත ලූ ලිපි වෙත ගෙන යන්න. මෙම පෙරණය සක්‍රිය කර ඇත. එබැවින් bob@bad-website.com ඉ-තැපැල් ලිපිනය සහිත අයෙකු ඔබට ලිපියක් එවනු ලැබුවහොත් එය ස්වයංක්‍රීයවම ඉවත ලූ ලිපි තුලට යනු අැත.

ඔබට කිසියම් සේවාදායකයක් තුල  නොසිටින අයගේ ලිපි අවහිර කිරීම සදහා exclusive පෙරණයක්ද සාදා ගත හැක. උදාහරණයක් ලෙස, ඔබ අඩංගු යන්න බැහැර ලෙස මාරු කළහොත්, ඔබට bad-website.com හි සිටින අයගෙන් පමණක් ලිපි ලැබෙනු ඇත.

පෙරණය සැකසීම සදහා, පෙරණයෙහි අනුලකුණු වැල  මත ක්ලික් කරන්න. එවිට එය ඉහල ඇති සකසනයේ දර්ශනය වනු ඇත. පෙරණ සැකසීමට තොරතුරු සදහා ඉහත වගුව බලන්න.

ඔබ පෙරණය තාවකාලිකව අකි්‍රය කිරීමට කැමති නම්, ඔබට ඒ සදහා මැකීමට වඩා පහසු මාර්ගයක් ඇත.  පෙරණය සැකසීම සදහා ඉහත ඡේදයේ ඇති උපදෙස් අනුගමනය කර, uncheck Enable, ඉන්පසු  එකතු /විකරනය කරන්න ක්ලික් කරන්න. එවිට පෙරණය එම ස්ථානයෙන් ඉවත් වනු ඇත. එය වර්තමාන පෙරණ වලට ඉහතින් දෙවන වගුවක ගබඩා වනු ඇත. පෙරණය නැවත සක්‍රිය කිරීමට, you can either edit the newly created filter in the second chart and check off Enable, then click Add/Modify; or you can delete the newly created filter by clicking Delete to absolute right of the filter you wish to delete.

 
<< ෆෝල්ඩර කළමනාකරණය - Managing Your Folders Downloading & Backing up >>>
 
Webmail- උදව් පිළිබඳව