සෙවුම් මෙවලම් තීරුව, පවතින ෆෝල්ඩරයේ ඇති ලිපි සෙවීම සඳහා ඉඩකඩ ලබා දේ.

මෙවලම් තීරුවේ භාවිතය සැබවින්ම සරලය. මෙහි වම්පසට ඇති ද්විත්ව ඊහිස (
) පවතින ෆෝල්ඩරයේ ඇති පළමුවන පිටුවට පනී. පිටුවක පෙන්වන ලිපි ගණන වෙනස් කිරීම සඳහා
Display Preferences
බලන්න.
වම්පසට ඇති ඊහිස (
) පෙර පිටුවට පැනීම සඳහා භාවිතා කළ හැකිය.
අංක "1", සියළු පිටු අතරින් දැනට පෙන්වන පිටුව ඔබට පවසයි. ෆෝල්ඩරයේ ඔබ කැමති පිටුවකට පැනීම මෙම අංකය වෙනස් කිරීමෙන් කළ හැකිය. උදාහරණයක් ලෙස, එය පෙන්වන්නේ "[Page 2 of 7]"ලෙස නම්, අංක "2" ඇති ස්ථානයේ "5" ටයිප් කිරීමෙන් ඔබට "5" පිටුවට යා හැකිය.
මෙහි දකුණට ඇති ඊහිස, හා දකුණට ඇති ද්විත්ව ඊහිස වම්පසට ඇති ඊහිස් කරන දෙයම ඊට විරුදධ දිශාවට සිදුකරයි.
"Search" බොත්තම අසල ඇති කොටුවේ ඔබතේ සෙවුම් පාඨ ඇතුලත්කර, පවතින ෆෝල්ඩරයේ ඇති ලිපි සෙවීම කළ හැකිය. ඔබට ලිපි සෙවීම සඳහා ලිපිය ලැබුණේ කාගෙන්ද (From), යැව්වෙ කාටද (To), ලිපි ශීර්ෂය (Subject), දිනය (Date), ඇමිනූ
ගොනුවේ නම (Attachment Filename), ඉහත සියළු ශීර්ෂයන් (Header), ලිපියේ අඩංගු දේ (Content) , හෝ ඉහත සියල්ල (All of the Above (All))භාවිතා
කළ හැකිය. ඔබගෙ සෙවුම් විස්තර (search criteria) සියල්ල ඇතුලත්කර, "Search" බොත්තම ක්ලික් කරන්න, නොඑසේනම් "Enter" යතුර තද කරන්න.
මෙම මෙවලම් තීරුව පවතින ෆෝල්ඩරයේ හෝ තැපැල් පෙට්ටියේ ලිපි සෙවීම සඳහා මූලික පහසුකම් සපයයි. මේ සඳහා වැඩිමනත් පහසුකම් සපයන මෙවලම් තීරුවක්ද පවතී. කරුණාකර මේ පිළිබඳ ඉගෙනීමට
වැඩිමනත් සෙවුම් - Advanced Message Search
බලන්න. |