OpenWebMail පාඩම් මාලාව (tutorials) >> ෆෝල්ඩර කළමණාකරණය - Managing Your Folders

ඊ-මේල් විධිමත්ව ලෙස පිළිවෙළට තබාගැනීම සඳහා ෆෝල්ඩර ඉතා ප්‍රයෝජනවත් වේ. ප්‍රධාන වශයෙන් සැකසූ ෆෝල්ඩර පහක් පවතින අතර අවශ්‍ය පරිදි ඕනෑම ගණනක් සාදා ගත හැකිය. සැකසූ ෆෝල්ඩර පහ මෙසේය:
  • ලදලිපි (Inbox)
  • සුරැකුම් (Saved)
  • යැවූලිපි (Sent)
  • කෙටුම්පත් (Draft)
  • අනවශ්‍ය (Trash)

ලදලිපි(Inbox) යන්න තැපැල් පෙට්ටිය ද වේ. (පරිශීලකයා විසින් වෙනත් ස්ථානයක් සඳහන් නොකරන්නේ නම්) ලිපි ලබාගන්නේ මෙතුළටය. (ලිපි පෙරණය පිළිබඳ වැඩි විස්තර සඳහා පෙරණයක් සකස් කිරීම - Setting up a Filter බලන්න.). ලිපියක් කියවූ පසු, තව දුරටත් එය අවශ්‍ය නොවේනම් ලදලිපි තුළ ගොඩගැසීමට ඉඩ දෙන්නේ ඇයි? ඔබට මේ සඳහා තෝරාගැනීම් දෙකක් ඇත: එය අනවශ්‍ය (trash) තුළට හෝ ඔබ විසින් සාදන ලද ෆෝල්ඩරයකට ගෙනයාමයි. ඔබට ලිපිය වැදගත් නොවේනම් සහ අනාගතයේදීද අවශ්‍ය නොවේනම් එය අනවශ්‍ය (trash) තුළට දැමිය හැකිය. ඔබට එය පහත එක් ආකාරයින් කළ හැකිය:

ඔබ ගෙනයාමට අදහස් කරන ලිපියට අදාට කොටුව සළකුණු කිරීමෙන් පසු( ), අනවශ්‍ය බොත්තම (Trash button) ( )ක්ලික් කරන්න. එය තහවුඅු කිරීම සඳහා "OK" ක්ලික් කරන්න. දෙවන ආකාරය වනුයේ, නැවතත්, අදාට කොටුව සළකුණු කිරීමෙන් පසු, ලැයිස්තුවේ "අනවශ්‍ය" තෝරා, "ගෙනයනු e" ක්ලික් කරන්න. හෝ, ඔබට ලිපිය මකා දැමීමටම අවශ්‍ය නම්, --මැකීම-- තෝරාගන්න. එවිට එම ලිපිය තවදුරටත් තබා නොගනී.

කෙසේනමුත්, මෙම ලිපිය ඉදිරියේදී භාවිතය සඳහා තබාගත යුතුයැයි ඔබඟෙන්නේ නම්, ඔබට ෆොල්ඩරයක් සාදා එය තුළට ලිපිය දැමිය හැකිය. උදාහරණයක් ලෙස, ඔබට කාර්යාලයට අදාල සියළු ලිපි තබා ගැනීම සඳහා "Work" නමින් ෆොල්ඩරයක් සාදා ගත හැකිය. ෆොල්ඩරයක් සාදා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න:

  1. මෙවලම් තීරුවේ ඇති "ෆොල්ඩර" බොත්තම මත ක්ලික් කරන්න ( )
  2. "ෆොල්ඩරයේ නම (Folder Name)"යටතේ ඇති කොටුවේ, ඔබ සෑදීමට කැමති ෆොල්ඩරයේ නම ටයිප් කරන්න.
  3. "එක්කරනු (Add)" ක්ලික් කරන්න.

ඔඩට දැන් නව ෆොල්ඩරක් ඇත. දැන්, ඔබට එකම විෂයය යටතේ ලැබෙනන සියළු ලිපි එම ෆොල්ඩරට ගෙනයා හැකිය. විෂයය අනුව ලිපි වර්ග කර ඇති නිසා අවශ්‍ය විටෙකදී සොයා ගැනීමද පහසුය. කෙසේනමුත්, විෂයය අනුවම ලිපි වර්ග කිරීම අවශ්‍ය නොවන අතර ඔබ කැමති පරිදි එවන්නා, ලිපිනය හෝ වෙනත් ආකාරයකට වුවද කළ හැකිය. කරුණාකර ලිපි ගෙනයාම පිළිබඳ ඉගෙනීමට ලිපි ගෙනයාම සහ කොපි කිරීම - moving and copying messages බලන්න.

ඔබට ෆෝල්ඩර ලැයිස්තුව භාවිතයෙන්ද ෆෝල්ඩර කළමණාකරණය කළ හැකිය. ඔබ දැනට ෆෝල්ඩර ලැයිස්තුවේ නොසිටීනම්, ඒ සඳහා "ෆෝල්ඩර (Folders)" බොත්තම ක්ලික් කරන්න ( ). ඔබට පහත ක්‍රියාකාරකම් කළ හැකිය:

Action What it Does
MarkReadෆෝල්ඩරයේ අඩංගු ලිපි කියළුවු ලෙස ලකුණු කරයි
CheckIndexෆෝල්ඩරයේ අඩංගු ලිපි ගණන පරීක්ෂා කරයි
ReIndexෆෝල්ඩරයේ අඩංගු ලිපි ගණන නැවත ගණන් කරයි
Renameෆෝල්ඩරයේ නම වෙනස් කරයි
Deleteෆෝල්ඩරය මකා දමයි

ඔබට ලැයිස්තුවේ ඇති ෆෝල්ඩර නම ක්ලික් කිරීමෙන්, ඒ තුළ ඇති ලිපි බැලිය හැකිය. ඔබට වම් පස ඇති ලැයිස්තුවේ ෆෝල්ඩර නම ක්ලික් කිරීමෙන් ෆෝල්ඩරයට පිවිසිය හැකිය.

 
<< ලිපියක් සුරැකීම - Saving A Message පෙරණයක් සකස් කිරීම - Setting up a Filter >>
 
Webmail- උදව් පිළිබඳව