ඔබට ඔබගේ ඊ-මේල් ලිපිය සමග ඇමුණුමක් එක් කිරීමටද සමහර විට අවශ්‍ය වනු ඇත. ඇමුණුමක් යනු ඔබගේ ඊ-මේල් ලිපිය සමග යවන එහෙත් ඒ තුළ කියවීමට නොහැකි ආකාරයෙන් වන ගොනුවකි. මෙමඟින් ලිපිය ලබන්නාට එම ගොනුව වෙනත් පරිගණක යෙදුමක් ආධාරයෙන් බැලීමට ඉඩකඩ ලබා දේ. කෙසේ නමුත්, ලබන්නා සතුව එම අදාල පරිගණක යෙදුම තිබිය යුතුය. හැඩගැසුම් (formatting) සහිතව ඊ-මේල් ලිපියක් යැවීම සඳහා ඇමිණුම් ප්‍රයෝජනවත් වේ. DOC (Microsoft Word Document or Windows WordPad Document) යනු එවැනි ජනප්‍රිය ආකාරයක් වන්නාසේම RTF (Rich Text Format) ද නිතර භාවිතා වේ. එසේම ඔබට පිංතූරද යැවිය හැකිය. නැවතත්, ඔබ යවන ගොනුව බැලීම සඳහා ලබන්නා සතුව නිවැරදි පරිගණක යෙදුම තිබෙන බවට තහවුරු කරගන්න, නොඑසේනම් ඔවුනට බැලීම සඳහා ගොනුව විවෘත කරගත නොහැකි වනු ඇත.
ඇමිණුමක් එක් කිරීම සඳහා, ඇමිණුම් කොටුව අසල ඇති "Browse" බොත්තම ක්ලික් කරන්න. මෙය ඔබට ඇමිණුම සඳහා ගොනුව තේරීමට අවස්ථාව ලබාදෙන දෙබස් කවුළුවක් විවෘත කරනු ඇත. ගොනුව සොයා ගැනීම සඳහා මෙම දෙබස් කවුළුව භාවිතා කරන්න. ඇමිණුම සඳහා ගොනුව තේරීමෙන් පසු, "Open" ක්ලික් කරන්න, පසුව "එක්කරනු (Add) " ක්ලික් කරන්න. ඔබගේ ගොනුව ඇමිණුම සඳහා කරුණාකර ස්වල්ප වේලාවක් රැදී සිටින්න, ඔබ අමුණන ගොනුවේ විශාලත්වය අනුව ඒ සඳහා තත්ත්පර කිහිපයක් හෝ සමහර විට විනාඩි කිහිපයක් අවශ්‍ය වනු ඇති. "එක්කරනු (Add) " ක්ලික් කිරීමෙන් පසු තවත් ගොනුවක් ඇමිණුම සඳහා මේ ක්‍රියාවලිය නැවතත් සිදුකළ හැකිය.
ඔබ වැරදී ගොනුවක් ඇමිණුවේ නම්, එය මකා දැමීම සඳහා, ගොනුව අසල ඇති [ මකන්න (Del)] ක්ලික් කරන්න.
|