OpenWebMail පාඩම් මාලාව (tutorials) >> Downloading & Backup - බාගත කිරීම හා රක්ෂිත කිරීම

රක්ෂිතයක් යනු ආරක්ෂාව සදහා වෙනත් ස්ථානයකට පිටපත් කරගන්නා ලද දත්තයි. අනවශ්‍ය ගැටලු ඇති නොවීම සදහා ඔබ විසින් ඔබගේ පරිගනකයේ ඇති සියලුම ලිපි හා ෆෝල්ඩර ‍ෙවනත් ස්ථානයක රක්ෂිත කල යුතුය.

ඔබ‍ෙග් OpenWebMail ඉ-තැපැල් ලිපි ඇතුලු ඔබගේ ගිණුමේ සියලුම ගොනු ගබඩා කිරීම සදහා ඔබට ලැබෙනුයේ එක්තරා ඉඩ ප්‍රමාණයක් පමණි. එබැවින් අවසානයේ ඔබට ඉඩකඩ මදි වීමක් සිදු විය හැක (ඔබ සදහා වෙන් කර ඇති උපරිම ඉඩ ප්‍රමාණයට ළං වන විට, ඔබට ඒ පිළිබද දන්වා ඉ-තැපැල් ලිපියක් ලැබෙනු ඇත).  OpenWebMail හි ඇති ලිපි වරින් වර ඉවත් කිරීමට මේ නිසා ඔබට සිදු වේ.  කෙසේ වෙතත්, ඔබට අනාගත ප්‍රයෝජනය සදහා තබාගත යුතු වැදගත් ලිපි තිබිය හැක. මෙම ලිපි ඔබගේ පරිගනකයට බාගත කර ඔනෑම පෙළ සකසනයක් භාවිතයෙන් ඔනෑම අවස්ථාවක බැලිය හැක.

ඉ-තැපැල් ෆෝල්ඩරයක් බාගත කිරීම සදහා:

ෆෝල්ඩර කළමණාකරු භාවිතයෙන් ඔබගේ ඉ-තැපැල් ලිපි OpenWebMail ෆෝල්ඩරයේ සිට ඔබගේ පරිගනකයට බාගත කල හැකිය ( මෙවලම් තීරු බොත්තම ක්ලික් කරන්න). ෆෝල්ඩර කළමණාකරු තුලට ගිය පසු ඔබට බාගත කිරීමට අවශ්‍ය ෆෝල්ඩරය අසල ඇති ඩිස්ක් අයිකනය ( ) ක්ලික් කළ හැක. එවිට එය ඔබගෙ පරිගනකයට බාගත වීමට ආරම්භ කරයි.  මෙය සුරැකීමටද නැතිනම් විවෘත කිරීමට අවශ්‍යදැයි එවිට ඔබගෙන් අසයි. එසේ ඇසූ විට "සුරකින්න..." විකල්පය තෝරන්න. එවිට එය ගොනු බ්‍රව්සරයක් උත්පතනය (pop up) කරයි. ඔබට මෙය සුරැකීමට අවශ්‍ය ෆෝල්ඩරය බ්‍රව්ස් කර තෝරා "සුරකින්න" බොත්තම ක්ලික් කරන්න.

සියලුම ගොනු  .zip හැඩතලයෙන් සුරැකෙයි.*  .zip ගොනුවක ගොනුවක් හෝ ගොනු කිහිපයක් fඑක් ගොනුවක් වන ලෙස හකුලා අැත. මෙම ගොනු විවෘත කිරීම සදහා ඔබට හැකිලුම්/විහිදුම් ක්‍රමලේඛණයක් භාවිතා කිරීමට අවශ්‍ය වේ.  පහතින් දැක්වෙන්නේ ඔබට  .zip ගොනු හැකිලීමට හෝ විහිදීමට භාවිතා කළ හැකි ක්‍රමලේඛණ ලැයිස්තුවකි (මෙම ක්‍රමලේඛණ OpenWebMail සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව සැළකිය යුතුයි):

ඔබගේ ඉ-තැපැල් ලිපි බැලීමට:

ඔබ ඉ-තැපැල් ලිපි ෆෝල්ඩරය බාගත කරගත් පසු, ඉහත දැක්වෙන ක්‍රමලේඛණයක් භාවිතා කර විහිදුවා ගෙන කියවා ගත හැක. මෙම විහිදවූ ගොනු ඔබට ද්චී-ක්ලික් කර විවෘත කළ නොහැකි වනු ඇත. ඒ වෙනුවට, පෙළ සකසනයක්  (Windows Notepad** වැනි) විවෘත කර ගොනු මෙනුවෙහි Open විධානය භාවිතා කර ලිපිය විවෘත කරන්න.  ඔබ බාගත කළ ෆෝල්ඩරයේ ඇති සියලු ලිපි සරළ පාඨ වලින් ඉ-තැපැල් ලිපි ශීර්ෂ සමග එහි දක්නට හැක.

The e-mail messages that you download will, unfortunately, be have lines of computer gibberish that you may not want to trudge through.  OpenWebMail හි ඔබට ඉ-තැපැල් ලිපි ගබඩා කිරීමට ඇති ඉඩකඩ අවසන් වීගෙන යන්නේ නම්, ඔබට භාවිතයට ඇති පහසුව නිසා තචදුරටත් ලිපි එහිම තබාගැනීමට අවශ්‍ය වන්නේ නම්, කරුණාකර ඔබගේ පද්ධති පරිපාලක අමතා, ඔබගේ ගිණුමට වැඩි ඩිස්ක් ඉඩකඩක් මිලදී ගන්නා ආකාරය පිළිබද විමසන්න.

*සටහන: ඔබ Microsoft Internet Explorer 5.5 භාවිතා කරන්නේ නම්, බාගත කරගත් ගොනු විවෘත කිරීමෙදී  අපහසුතාවන් සිදුවිය හැක. මේවා  .pl ගොනු හැඩතලයෙන් දක්නට ලැබිය හැක.  එසේනම් ,  .pl  .zip ලෙස වෙනස් කර ඉහත උපදෙස් අනුගමනය කරන්න.

**විවෘත කල හැකි ගොනුවෙ විශාලත්වය Windows Notepad හි සීමාකර ඇත. ගොනුව ඉතා විශාල නම්, Wordpad වලින් විවෘත කිරීමට ඔබෙන් අසනු ඇත. එසේ ඇසූවිට  "Yes" ක්ලික් කරන්න. 

 
<<< වචන පිරික්සුම භාවිතය - Using the Spell Checker වැඩිමනත් සෙවුම් - Advanced Search >>>
 
Webmail- උදව් පිළිබඳව